ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසූවේ මාලිමා රජය කෙරෙහි පලමු මාසය තුළම ජනතාවගේ පිළිකුළ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැන්වීමට මහජන පෙත්සමත් අත්සන් කිරීමට කටයුතු කරනා බවයි.
ඔහු පවසන්නේ වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය විජිත හේරත් ඊයේ ප්‍රකාශ කළ ආණ්ඩුව කිසිම රටකින් ණය ගෙන හෝ සල්ලි අච්චු ගසා නොමැති යන කරුණ පට්ටපල් බොරුවක් බවත් අනුර කුමාර දිසානායක එක් මසක් තුළ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් රුපියල් කෝටි 95,000 ක් ණය ලබාගෙන ඇති බවත් ය.
ඒ හරහා එක් පුද්ගලයෙක් රුපියල් 43,006 ක් ණය කර ඇති බවත් මෙය ගිනස් වාර්තාවක් වනු ඇති බව තමා විශ්වාස කරනා බවත් උදය ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය.
මේ ආකාරයෙන් ඉදිරි වසර පහ පුරාවටම ණය ලබා ගත හොත් ලංකාවේ ණය තොගය මේ ආණ්ඩුව එන විට තිබු ණය තොගයට වඩා තුන් ගුණයකින් වැඩි වන බවත් ඔහු පැවසීය.
මුදල් අච්චු සමන්ධයෙන් මහ බැංකු නිකුත් කල වාර්තාව සුපරීක්ෂාකාරීව බැලුවහොත් එයින් ගම්‍ය වන්නේ විදේශ විනිමය මිලදී ගැනීමට මුදල් අච්චු ගැසූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මාලිමා ආණ්ඩුව යම් කාලයක් දුරට යන තෙක් මුදල් අච්චු ගැසූ නෝට්ටු තොගය අවසන් වන තුරුම හිටපු ජනාධිපති රනිල්ගේ අත්සන් සහිතව මුදල් නෝට්ටු තමා දක්නට ලැබෙන බව උදය ගම්මන්පිල සඳහන් කළේය.
එමෙන්ම මේ ආකාරයේ ණය ලබා ගැනීම් සිදු වුවොහත් ඉක්මනින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සන සහිත මුදල් නෝට්ටු දැක ගැනීමට හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩි දුරටත් පැවසීය.

