Image

සඳුදා උදේ 10ට පෙර බෝම්බය නිෂ්ක්‍රීය කරගන්න.. ගම්මන්පිලගෙන් රතු නිවේදන .!

සර්ව ජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා ඊයේ (18) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ ජනතාවට පරම සත්‍ය දැනගැනීමේ අයිතිය වෙනුවෙන් තමා සටන අත්හැර නොමැති බවයි.

එහිදී වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා 2021 වසරේදී පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා ජනතාවට හෙලිකළ යුතු බවට සඳහන්කරමින් තබා තිබූ ෆේස්බුක් සටහනක් උපුටා දක්වමින් ගම්මන්පිල මහතා පවසා සිටියේ තමා අද පවසන්නේ එදා ජනාධිපතිවරයා විපක්ෂයේ සිට පැවසූ කතාව බවයි.

සඳුදා උදෑසන 10 වනතෙක් එතුමාට මෙම වාර්තාව ප්‍රසිද්ධ කර බෝම්බය නිෂ්ක්‍රීය කරගැනීම සඳහා කාලය ඇති බවද ඔහු අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ රාජ්‍ය රහස් වනුයේ එම කමිටු වාර්තාවන්හි අඩංගු ඇමුණුම් බවත් එම ඇමුණුම් වලින් තොරව වාර්තාව පමණක් ප්‍රසිද්ධ කිරීමේ ගැටළුවක් නොමැති බවත් ය.

එම ඇමුණුම් ලබාදීම සඳහා විශය භාර අමාත්‍ය විජිත හේරත් මහතා සම්බන්ධ කරගැනීමට තමා දුරකථන මාර්ගය ඔස්සේ උත්සාහ කළ නමුත් එම උත්සාහයන් අසාර්ථක වූ බැවින් සඳුදා උදෑසන 10ට මාධ්‍ය හමුවක් පවත්වා එම වාර්තා ප්‍රසිද්ධ කරනා බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

TRENDING POST