පොලිස් විශ්ලේෂණ මගින් තහවුරු කරගෙන ඇති පරිදි විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මෙහෙයවන කණ්ඩායම් 15ක් දැඩි ලෙස සක්‍රිය වෙමින් පාතාල ක්‍රියාකාරකම්වල නිරතව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම කණ්ඩායම් 15න් කණ්ඩායම් 09ක් පමණ දරුණු ලෙස අපරාධවල නිරත වී හා අපරාධ ක්‍රියාවන් සැලසුම් කර ඇති බවටද අනාවරණය වී තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පසුගියදා සඳහන් කළේ සංවිධානාත්මක අපරාධ කල්ලි 52ක් මෙරට තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින බවත් එම කල්ලිවල අනුගාමිකයන් 1400ක් පමණ සිටින බවයි.
මේ කල්ලි හා කල්ලිවල ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකර තිබෙන අතර එමගින් කල්ලි 09ක් වඩාත් සක්‍රීයව සිටින බවට අනාවරණය කරගෙන ඇතැයි පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරියකු සඳහන් කළේය.
විශ්ලේෂණවලට අනුව ගනේමුල්ලේ සංජීව, හරක් කටා, කුඩු සළිඳු, කරන්දෙණියේ සුද්දා යන අපරාධකරුවන්ගේ කල්ලි ඉහළින්ම සක්‍රීය වී තිබෙන බවද එම නිලධාරියා කීවේය.