Image

එක්සත් ජාතික පක්ෂයේ අලුත් සංවිධායකවරු

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුර කිහිපයක් පිරිනමා තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා, අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයෙක් ලෙස පත් කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ.

මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පී.හැරිසන් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.බී.ඒකනායක මහතා අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයින් ලෙස පත්වීම් ලිපි භාරගෙන තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා, හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී .තිස්ස කුට්ටිආරච්චි මහතා සහ පී.දේවක වීරසිංහ මහතාට ද පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා විසින් සිදුවූ බව සඳහන්.

අදාළ පත්වීම් ලිපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී භාරදීම සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂය

TRENDING POST