Image

නායකත්වයට පොරකන රනිල් – සජිත් දීගය අවසන්.!

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය එළඹෙන මහ මැතිවරණයට එකතුවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවද සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් එම සාකච්ඡා අවසන් වී ඇති බව වාර්තා වේ.

පුළුල් දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීම සදහා සමගි ජන බලවේග පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ හිටපු මන්ත්‍රීනී තලතා අතුකෝරල ඇතුළු නියෝජිත පිරිසක් නම් කර ඇත.

එම පිරිස සමගි ජන බලවේග නියෝජිතයන් සමග එක් එක් ආකාරයෙන් සාකච්ඡා වට අටක් පමණ පවත්වා තිබෙන අතර එම සාකච්ඡා වලදී සමගි ජන බලවේග පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් එම සාකච්ඡා නවතා දමා ඇත.

සමගි ජන බලවේගය ඉදිරිපත් කළ කොන්දේසි වන්නේ සමගි ජන බලවේගය එළඹෙන මහ මැතිවරණයට ටෙලිෆෝනයෙන් තරග කිරීම සහ නව සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පිරිනැමිය යුතු බවයි.

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ නව සන්ධානය තුළ නොසිටිය යුතු බවට සමගි ජන බලවේග පාර්ශවයෙන් කළ යෝජනාවට එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් බලවත් විරෝධයක් එල්ල කිරීම හේතුවෙන් එම සාකච්ඡා අතරමග නවතා දමා ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ඇතිවී තිබෙන වාතාවරණය අනුව පක්ෂ දෙකම ඒකාබද්ධ වී නව පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කිරීමට ගෙනයන සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇත.

TRENDING POST