ජාතික ජන බලවේග ආණ්ඩුව වසර දහයක කාලයක් ඇතුළත ලංකාවේ සෑම නිවසකටම වාහනයක් ගත හැකි ආකාරයේ ආර්ථිකයක් ගොඩනගන බව පාර්ලිමේන්තු අපේක්ෂක නලින් හේවගේ සදහන් කරයි.
අපේ රටේ මුළු ජීවිතේම උපයන මුදල එකතු කලත් මිලට ගත හැක්කේ ටැක්ටරයක රෝදයක් පමණක් බවත් විදේශ රටවල එක මාසයක ආදායමෙන් වාහනයක් මිලට ගත හැකි බවද අපේක්ෂක නලින් හේවගේ සදහන් කරයි.
විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දොළහකට ලංකාවට ගෙනත් දිය හැකි බවත් එසේ ගෙනත් දෙන්නේ නම් හැමෝටම එය මිලට ගත හැකි බවද නලින් හේවගේ සදහන් කරයි.
රජයෙන් එම වාහන සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක අසූවක පමණ බද්දක් අය කරමින් සිටින බවත් ජනතාවට වාහනයක් මිලට ගත නොහැක්කේ වාහන මිල වැඩි නිසා නොව තක්කඩි පාලකයන් නිසා බවද සදහන් කරයි.
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මැතිවරණ ජන හමුවක් අමතමින් අපේක්ෂක නලින් හේවගේ මේ බව සදහන් කරයි.

