මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දීමට තීරණයක් ගෙන ඇති බවයි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසූවේ, තේරී පත්වූ මන්ත්‍රී වරුන්ට ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මහජන සේවය සිදු කළ හැකි බවයි.
කිසිදු මන්ත්‍රීවරයෙකු සඳහා ඉන්ධන පරිභෝජනයෙන් ඉහළ අධි සුඛෝපභෝගී වාහන ලබාදීමක් සිදු නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

