Image

නීතිවිරෝධීව ආනයනය කළ තවත් සුපිරි රියක් හමුවෙයි.!

මෙරටට නීතිවිරෝධී ලෙස ආනයනය කළ ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ සුඛෝභෝගී රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම චෝදනාව යටතේ මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයෙකු ඉකුත් (03) වනදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරු (04) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (07) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

TRENDING POST