මේ වනවිට ජනාධිපති මන්දිරය අසල ස්තාන 3ක අතහැර ගොස් තිබෙනා පසුගිය රජය විසින් පත්කළ නොයෙක් තනතුරු සඳහා ලබාදුන් සුඛෝපභෝගී වාහන භාවිතා කළ පුද්ගලයින් පිරිසකගේ නම් ලැයිස්තුවක් මේ වනවිට අනාවරණය වී ඇත.
එම වාහන අතරින් වාහන 833ක් ජනාධිපරති ලේකම් කාර්‍යාලයේ වාර්තාවල ඇතුලත් වන අතර ඒ අතරින් වාහන 29ක් 2022 වසර වනවිටත් අතුරුදන්ව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදුව නැති බවද සඳහන්.
සිවිල් ක්‍රියාකාරී ජාමුනි කාමන්ත තුෂාර මහතා පවසන්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ නොයෙකුත් තනතුරු නිර්මාණය කර චක්‍රලේඛනයන්ට පරිභාහිරව මෙම වාහන තම හිතවතුන්ට අල්ලස් වශයෙන් ලබාදී ඇති බවයි.
එම වාහන වලට අමතරව ඒ සඳහා රියදුරු, ඉන්ධන සහ නඩත්තු වියදම් පවා රජය විසින් ගෙවා ඇති බවද වාර්තා වෙයි.
එලෙස ජනාධිපති මාධ්‍ය අශයේ තනතුරු 35ක් නිර්මාණය කර මෙලෙස වාහන ලබාදී ඇති අතර එම වාහන පරිහරනය කළ පිරිසකගේ නම් ලැයිස්තුවක්ද කාමන්ත මහතා මාධ්‍ය වෙත අනාවරණය කළේය.
එම නම් ලැයිස්තුව,
ප්‍රදීප් ප්‍රමිත අධිකාරි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍ය අංශය
සී. සුභාෂ් වීරතුංග ජයවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍ය අංශය
සම්පත් කොඩිකාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍ය අංශය
ඩී.එම්.එස් චතුරංග අල්විස් නියෝජ්‍ය අධ්‍යක්ෂ විද්‍යුත් මාධ්‍ය ජනාධිපති මාධ්‍ය අංශය
කේ. හරේන්ද්‍ර නියෝජ්‍ය අධ්‍යක්ෂ කතෘ මණ්ඩල දෙමළ ජනාධිපති මාධ්‍ය අංශය
සඳුන් අරෝෂ් ප්‍රනාන්දු කතෘ මණ්ඩල ඉංග්‍රීසි ජනාධිපති මාධ්‍ය අංශය
ඒ.එස්.අයි.බී මුණසිංහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍ය අංශය
පී.එච්.ටී.පී පුංචිහේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ මාධ්‍ය සම්බන්ධීකරණ ජනාධිපති මාධ්‍ය අංශය
එස්එ.ම්.එම් ලියනගේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍ය අංශය
ජේ.පී සමන්ති බණ්ඩාර සහකාර අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍ය අංශය
ටී. ශානිකා නිලංගා ප්‍රනාන්දු සහකාර අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍ය අංශය

