Image

දූපත්වාසීන්ගේ කන්වල ඇබ ගහගන්න ඇබා පැනයට විජිතගෙන් පිළිතුරු.!

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, සංචාරක අමාත්‍ය විජිත හේරත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ තවත් සාමාජිකයන් පිරිසක් පසුගිය සතියේ ලොව ප්‍රකට ස්වීඩන් සංගීත කණ්ඩායමක් වන ඇබා (ABBA) ගීත ගායනා කළ උපහාර ප්‍රසංගයකට සහභාගී වී සිටින අයුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත විය.

කෙසේවෙතත් ඇතැම් කණ්ඩායම් සමාජ මාධ්‍ය සහ ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ එම සහභාගී වීමට විවේචන එල්ල කරමින් සිටිනු දක්නට ලැබුනි.

අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ සම්බන්ධ අල්ලස් නඩුවකට සාක්ෂි දීමට කොළඹ මහාධිකරණයට පැමිණීමෙන් පසු, එම විවේචනවලට පිළිතුරු දෙමින් මාධ්‍ය වෙත සිය අදහස් පළකළේය.

එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා.

“මම කුඩා කාලයේ සිටම ඇබා ගීතවලට සවන් දෙනවා. මම මගේ වාහනයේ CD තැටියක් අරගෙන යනවා” ඔහු පැවසීය.

“ABBA සංගීත කණ්ඩායම බොහෝ දෙනා ආදරය කරන ලෝක ප්‍රසිද්ධ කණ්ඩායමක්. ඔවුන්ගේ ගීත ගායනා කරන කණ්ඩායම ලංකාවට පැමිණීම ලොකු ගෞරවයක්. සංචාරක අමාත්‍යවරයා ලෙස මම රට වෙනුවෙන් එම උත්සවය ප්‍රවර්ධනය කිරීමට මැදිහත් වුණා.

“අපි ප්‍රසංගයට සහභාගී වෙනවා දැකීම සමහර අයට මැජික් එකක් වගේ. ඔවුන් තමයි විවිධ අදහස් ප්‍රකාශ කරන්නේ. නමුත් එය අපට මැජික් නොවේ. තාමත් ඒ සංගීත රසය අපි ළඟ තියෙනවා” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.