Image

පරණ ආණ්ඩුවල සෙල්ලම් ඉවරයි.. අවසන් දිනය දෙසැම්බර් 01 වැනිදා.! විජිත හේරත්

දේශපාලන පදනම මත විදේශ සේවය සදහා පත්කර ඇති නිලධාරීන් සියලුම දෙනාට එළඹෙන දෙසැම්බර් (01) වැනිදා වන විට නැවත මෙරටට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

තානාපති සේවයෙන් පහළ වෙනත් නිලතල සදහා සෘජුවම මන්ත්‍රිවරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ දරුවන් සහ බිරියන් පත්කර තිබූ බවත් ඉදිරියේදී එවැනි පත්කිරීම් කිසිවක් සිදු නොකරන බවද අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

විදේශ තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් ලෙස පත්කර තිබූ විදෙස් සේවයට අයත් නොවන දේශපාලනඥයන්ගේ පවුල්වල හිතවතුන්, ඥාතීන් 15 දෙනකු නැවත මෙරටට පැමිණෙන ලෙසට දැනුම් දුන් බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍ය විජිත හේරත් තවදුරටත් සදහන් කළේ,

“ඇත්තටම දේශපාලන පත් වීම් කියන එක සියලු දෙනාටම අදාළ නෑ. සමහර අය මීට කලින් හමුදාවේ සහ වෙනත් වගකීම් දරපු අය. සමහරු සෘජුවම දේශපාලකයන්ට සම්බන්ධ අය. ඒ වගේම තානාපති සේවයෙන් පහළ වෙනත් නිලතල සඳහා සෘජුවම මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ පුතාලා, දුවලා, බිරියන් පත් කරලා තිබුණේ.

ඉස්සරහට එහෙම දෙයක් වෙන්නේ නෑ. විදේශ සේවයේ නියුතු අයත් විශේෂ අවශ්‍යතා මත විශේෂ හැකියාවන් තියෙන පුද්ගලයනුත් මෙම තනතුරු සඳහා පත් කළ යුතුයි. මුළුමනින්ම විදේශ සේවයේ පත් කරනවා කියලා කරන්න තත්ත්වයක් නෑ. සමහර ස්ථාන වලට නව රජයේ ආර්ථික, ජාත්‍යන්තර වුවමනාවන් එක්ක පත් කරන්න වෙනවා.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.