පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය 2025 වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.
අමාත්‍ය විජිත හේරත් සදහන් කළේ,
“ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන කියලා. මේ අවුරුද්දෙ පවත්වන්න ප්‍රතිපාදන වෙන්කරලා නැහැ. නමුත් ලබන අවුරුද්දෙ මුල පළාත් පාලන මැතිවරණය. ඒ කියන්නේ ප්‍රාදේශීය සභා නගර සභා මැතිවරණය පවත්වන්න අපි සූදානම් වෙලා ඉන්නවා.”
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මේ බව සදහන් කරයි.