Image

BMICH එකට වඩා ලොකු සම්මන්ත්‍රණ ශාලාවක් පෝර්ට්සිටියේ හදනවා…! – ඇමති විජිත හේරත්

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට වඩා විශාල සම්මන්ත්‍රණ ශාලාවක් කොළඹ වරාය නගරයේ ඉදිකිරීමට චීනය එකඟ වූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

යුවාන් මිලියන 480ක් වැය කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය චීනය නොමිලේ ලබා දෙන අතර අදාළ ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව ද ඇමතිවරයා අනාවරණය කරයි.

කොළඹ වරාය නගරය ජාත්‍යන්තර මට්ටමේ උත්සව සංවිධානය කිරීමේ සහ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම එහි අරමුණ බව ද ඇමතිවරයා සඳහන් කරයි.

එම සම්මන්ත්‍රණ ශාලාව ගොඩනැඟන්නේ අවුරුදු 99කට චීනයට බදු දුන් කොටසේ ද ශ්‍රී ලංකා රජයට අයත් කොටසේ ද යන්න මාධ්‍ය විමසූ අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ අවබෝධතා ගිවිසුම ඉදිරියේ දී ලබා දෙන බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.