කොතරම් බලපෑම් එල්ල වුවත් හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබෙන ආරක්ෂාව සහ වාහන සම්බන්ධයෙන් සම්මත වී තිබෙන පනත්වලට අනුව කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ට හිමි වරප්‍රසාද අවභාවිතා කරමින් මේ වන විටත් කටයුතු කරමින් සිටින බැවින් ඔවුන්ට ලබාදී ඇති පහසුකම් අවශ්‍යම දැයි සොයා බැලිමට කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව ලබාදී ඇති පොලිස් නිලධාරින් මේ වන විට ඔවුන්ගේ නිවෙස්වල වැඩ කරන පිරිසක් බවට පත්ව ඇති බවත් එය පොලිස් නිලධාරින්ට කරන අවමානයක් බවද අමාත්‍යවරයා සදහන් කරයි.
එලෙස යොදවා ඇති පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර අවශ්‍යම නිලධාරින් පමණක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සදහා යොදන බවද අමාත්‍යවරයා සදහන් කරයි.