Image

පාස්පෝට් පෝලිම් විසදන හැටි ඇමති කියයි.!

පාස්පෝට් ලබාගැනීම සදහා අත්‍යවශ්‍යම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අමාත්‍ය විජිත හේරත් ජනතාවට දැනුම්දීමක් කරයි.

අමාත්‍ය විජිත හේරත් සදහන් කළේ,

“ප්‍රමුඛතාවය එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. ඇත්තටම ඒක නිර්ණය කරන්න වෙන්නේ ඇත්තටම මානුෂීය හේතු සහ එය දිහා බලලා. 10,000ක් එන්නේ නෑ. නමුත් 2,000ක් විතර දවසකට ඇවිල්ලා ඉන්නවා. අපි ඒ අයට ක්‍රමවේදයක් හදලා තියෙනවා.

ඔන්ලයින් ක්‍රමවේදය අසාර්ථක වෙලා තියෙනවා. මොකද ඒකේ ව්‍යාජ ක්‍රම භාවිත කරලා තියෙනවා. සිම් කාඩ් දෙක තුන භාවිත කරලා සමහර ඒජන්සි තියෙනවා ඔවුන් මැදිහත් වෙලා මේක මැනිපියුලේට් කරලා තියෙනවා. ඒ ගැටලුව නිසා තමයි ඒක වෙනස් කරලා තියෙන්නේ.

දැනට යම් ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒ ක්‍රමවේදයේ අපහසුතාවයට පත්වෙන එකක් තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ යම් සීමා සහිත ප්‍රමාණයක් අපි ටෝකන් දෙනවා. ඒ නිසා අර දිගුකාලීනව ගමන් යන්න ඉන්න අයට අපිට කියන්න බෑ එන්න එපා කියලා.

ඉල්ලීමක් කරනවා ඒ අය කලබල වෙන්න එපා තව විශාල පාස්පෝට් ප්‍රමාණයක් ලංකාවට එනවා. ඒ මුද්‍රණ කටයුතු අවසන් වුණහම එතකොට මේ කිසි ගැටළුවක් නැතිව ගන්න පුළුවන්. ඒ නිසා අත්‍යවශ්‍ය අවශ්‍යතා තියෙන අය පමණක් මේක ලබාගන්න කියන ඉල්ලීම අපි ජනතාවගෙන් කරනවා.”

TRENDING POST