Image

ශ්‍රී ලංකාවේ 10 වැනි විධායක ජනපති වජිර.?

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසන්නේ ශ්‍රී ලංකාවේ 10 වැනි විධායක ජනාධිපති බිහි වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බවයි.

එක්සත් ලක්වනිතා පෙරමුණ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සංවිධානය කර තිබු කාන්තා දින සැමරුම් උත්සවය අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

“එක්සත් රටක් – සංවර්ධිත හෙටක් වෙනුවෙන් කාන්තා බලය අර්ථ ගන්වමු” යන තේමාවෙන් මෙම කාන්තා දින උළෙල සංවිධාන කර තිබූ අතර එහිදී වජිර අබේවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ මෙරට ඉතිහාසයේ කාන්තාවට තැන දුන් එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාල, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය, එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී අචිනි ලොකු බණ්ඩාර මහත්ම මහත්මීහු ඇතුළු කාන්තාවෝ විශාල පිරිසක් මීට සහභාගී වූහ.

TRENDING POST