Image

හඳපාන්ගොඩ දිවි සැරිය නිමාකරයි

ශ්‍රී ලංකා පොදුජන් පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ, හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

පාසල් තෙවැනි වාර නිවාඩුව ඇරඹීමෙන් පසු ව හඳපාන්ගොඩ මහත්මිය ඇයගේ දියණිය ජීවත් වන එංගලන්තයට ගොස් ඇති අතර ඇය අද (25) අලුයම අභාවප්‍රාප්ත වී ඇත්තේ එංගලන්තයේ ජීවත් වෙමින් සිටියදී බව වාර්තා වේ.

ගාලු මුවදොර ජන අරගල කාලයේ දී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ගැන වැඩි වශයෙන් කතා බහට ලක්වූ අතර ඇය අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට 2022 මැයි මස 09 වැනි දින සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධවත් ඇයට චෝදනා එල්ල විය.

පසුව ඇය එම වසරේ මැයි මස 30 වැනි දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර, කෙසේවෙතත් සිය දේශපාලනික මතවාද සමාජ බියවැද්දවීම් හමුවේ හෝ ලැබූ පීඩනකාරී හිංසනයන් හමුවේ ඇය අත් හැරියේ නැත.

එය ප්‍රත්‍යක්ෂ කරමින් හඳපාන්ගොඩ මහත්මිය 2023 ඔක්තෝබර් මාසයේ දී පොහොට්ටුවේ නව සන්ධානයට එක්වූවාය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.