Image

ලේකම් කෙනෙක් හොයාගන්න බැරි ආණ්ඩුවක්.. තාම දුවන්නේ රනිල්ගේ මිනිස්සුන්ගෙන්.! – වසන්ත යාපාබණ්ඩාර

හිටපු පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා ඊයේ (29) උඩුදුම්බර ආසනයේ පෝප්පිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී කියා සිටියේ වත්මන් ආණ්ඩුවට මුදල් අමාත්‍යංශය වෙත ලේකම් කෙනෙකු සොයා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවයි.

වත්මන් ආණ්ඩුවේ කටයුතු කරනා මුදල් අමාත්‍යංශය ලේකම්‍ වරයා සහ මහ බැංකු අධිපතිවරයා යන දෙදෙනාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පත් කළ දෙදෙනෙක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

“ජාතික ජන බලවේගයට මුදල් අමාත්‍යංශයට ලේකම් කෙනෙක් දාන්නවත් කෙනෙක් නැති තත්වයක් තියෙන්නේ. මුදල් අමාත්‍යංශයේ ලේකම්‍, මහ බැංකුවේ අධිපතිවරයා යන දෙදෙනාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් කළ දෙදෙනෙක්. මේ අය පහුගිය කාලේ ජනාධිපතිවරණ වේදිකා වල කිව්වේ මනෝ ලෝක කතා.


විජිත හේරත් අමාත්‍යවරයා කියනවා අතුරු සම්මත ගිණුමකට යනවා කියලා. ආණ්ඩුව කළ යුත්තේ 21 ⁣වැනිදා පාර්ලිමේන්තුව රැස්කිරීමෙන් අනතුරුව නව අය වැය ලේඛනයක් සම්මත කරගැනීමයි. එසේත් නැතිනම් IMF සමඟ සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙනයාමේදී අපහසුතාවයන් ඇති වේවි. ආර්ථිකය ගැන පහුගිය කාලේ වේදිකා වල එක එක කතා කිව්වට දැන් ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කරද්දි සරුංගලේ නූල කැඩෙනවා වගේ ආණ්ඩුවට තමන්ගේ ග්‍රහණයෙන් ආර්ථිකය ගිලිහිලයි තියෙන්නේ. ගෝඨාභය හිටපු ජනාධිපතිවරයාට මුහුදෙන් පලා යන්න සිද්ධ වුනේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසයි. මේ අයටත් ගෝඨාභය ආදර්ශයට මුහුණ දෙන්නයි වෙන්නේ. අපි ආණ්ඩුවට කියනවා ආර්ථිකය ගැන අවශ්‍ය තීන්දු අවශ්‍ය තැනදි ගන්න කටයුතු කරන්න කියලා.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.