Image

ගුවන් හමුදාපති තනතුරට එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු.?

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසු ශ්‍රී ලංකාවේ විසිවැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කිරිමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ගුවන් විශ්වවිද්‍යාලයේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ මාණ්ඩලික පාඨමාලා උපාධිය ද ලබා ඇති එයාර් මාර්ෂල් එදිරිසිංහ, රටවල් ගණනාවක විශේෂ පුහුණුවීම් ද ලබා ඇති නිලධාරියෙකි.

මහනුවර සිල්වෙස්තර විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා 1970දී මහනුවර දී උපත ලබා ඇත.

වාසු බන්දු එදිරිසිංහ මහතා 1993දී සාමාන්‍ය රාජකාරී නියමු ශාඛාවේ නියමු නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී ඇති අතර ගුවන් හමුදාවේ භමණ අංශයට අනුයුක්තව සේවය කර එම වසරේදිම බෙල් පුහුණුව ද නිමකර ඇත. පසුව ඔහු බෙල් 212 උපයෝගිතා හෙලිකොප්ටර් බළගණයට ද පත් කරන ලදී.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ පුහුණු පාඨමාලාව හදාරා ඇති අතර, 1988 වසරේ සුදුසුකම්ලත් හෙලිකොප්ටර් උපදේශකයකු බවට පත්විය.

හෙලිකොප්ටර් පැය හත්දහසකට වැඩි ප්‍රමාණයක් රැස්කර ඇති අතර ඔහු හෙලිකොප්ටර් පියාසර කිරීමේ උපදේශකයෙකි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.