ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ යුනිසෙෆ් ආයතනය එක්වී පානීය ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව සමීක්ෂණයක් සිදුකර ඇත.
සිදුකරන ලද එම ගෘහස්ථ සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 67කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බවට හෙළිවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළ නාගරික, ග්‍රාමීය සහ වතු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නිවාස ඒකක 3210ක නියැදීන් යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇති බවද මහාචාර්ය වසන්ත අතුකෝරල තවදුරටත් සදහන් කරයි.