Image

ගරු අමාත්‍යවරු 23ක් ලක්ෂ 35ක වතුර බිල් වලට පොලු දාලා.!

2023 වසර අවසන් වනවිට අමාත්‍ය නිල නිවාස සඳහා ලබා දී ඇති ජල සම්බන්ධතා 23කින් අයවිය යුතු රුපියල් මිලියන 3.5ක මුදලක් අයකර ගැනීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කටයුතු කර නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම මුදල දිගු කාලයක සිට හිඟව පවතින බව ද විගණන වාර්තාව මගින් පෙන්වා දෙයි.

මියගිය මහජන නියෝජිතයන්ගෙන් අයවිය යුතු හිඟ මුදල් අයකර ගැනීමට නොහැකි බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා දන්වා ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට දැනුම්දී ඇත.

ඉදිරියේදී දේශපාල​නඥයන්ගේ හිඟ මුදල් අයකර ගැනීමේ දී සාමාන්‍ය පාරිභෝගිකයන් ලෙස සලකා සිදුකිරීමටත් හිඟ මුදල් නොගෙවන ස්ථානවල ජල සැපයුම් විසන්ධි කරන ලෙස වාණිජ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව ද කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

TRENDING POST