Image

අද එළියට යන්න කලින් මේක බලලම යන්න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන්.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40-45 ක පමණ තද සුළං ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.