Image

කැළඹුණු කාලගුණය!

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර අද දින ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇත.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පීඩන අවපාතයක් නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ නැගෙනහිර, උතුර, උතුරු – මැද, ඌව, දකුණු සහ වයඹ පළාත්වලට මේ වනවිට තද වැසි ඇදහැලෙමින් පවතියි.

එම බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් උතුරු, උතුරු – මැද, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් උතුරු, උතුරු – මැද, මධ්‍යම, බස්නාහිර, වයඹ, දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

TRENDING POST