Image

දළමා මැදුරේ ෆ්‍රී ෂූට් එකක්… යුවළ පොලිසියට කැඳවයි.. සමාජ මාධ්‍ය කැළඹෙයි

විවාහ ගිවිස ගත් යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ ෆ්‍රී ෂූට් එකක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දළදා මාළිගා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම සිදුවීමේදී දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන ගණනාවක මෙම යුවළ ඡායාරූපවලට පෙනී සිට තිබේ.

ශ්‍රී දළදා මාලිගාව තුළ මේ ආකාර සිදුවීමක් වී තිබෙන බව තමන්ට ද දැන ගන්නට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමක් කළ බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

අදාළ යුවළ අද කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව මහනුවර පොලීසිය පවසයි.

අදාළ සිදුවීම සමාජමාධ්‍ය තුළ ද විශාල ආන්දෝලනයකට ලක්ව ඇති අතර බොහෝ පිරිසක් එම සිදුවීම විවේචනය කරති.

TRENDING POST