Image

විකුම් ශවේන්ද්‍ර තනතුරුවලින් ඉවතට.!

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙම 31 වනදා සිට එම තනතුරුවලින් ඉවත්කිරීමට තීරණය කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඔවුන් දෙදෙනා වයස අවුරුදු 55 සපිරීමෙන් පසුව සේවා දිගු පදනම යටතේ සේවයකරමින් සිටිනා අතර, තවදුරටත් සේවය කිරීම සඳහා සේවා දිගුවක් ඉල්ලා සිටියත් එම ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

2022 ජූනි මස 01 දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්වූ අතර, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා 2022 ජුනි 01 දින යුද හමුදාපති තනතුරට පත්විය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.