Image

ලංකාවට ඩොලර් උපයන විල්පත්තුව සංචාරකයන්ට වැහෙයි.!

එළුවන්කුලමෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය සදහා පිවිසෙන පිවිසුම් දොරටුව සම්පුර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර ඇති බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම් දොරටුව භාර එළුවන් කුලම වනජීවී ඒකකය සදහන් කරයි.

මේ දිනවල ඇදහැලෙමින් පවතින අයහපත් වර්ෂාපතනය නිසා ජලාශ වල ජල මට්ටම ඉහළ යාමත් සමග කලාඔය පිටාර ගැලීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද එළුවන්කුලම පිවිසුම් දොරටුව භාර එළුවන්කුලම වනජීවී ඒකකය සදහන් කරයි.

රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාඔය ඔස්සේ ගලා බසින ඝන අඩි 6,000ක පමණ ජල ධාරිතාව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම කලාඔය සපත්තු පාලම මැදින් ගලා යාම නිසා එම ප්‍රදේශය මේ වනවිට සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත.

එනිසා මේ වන විට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම් දොරටුව දෙස් විදෙස් සංචාරකයන්ට සම්පුර්ණයෙන්ම වසා ඇති බවත් දින කිහිපයක් පුරාවට ජලය පැවතීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සංචාරකයන්ට විල්පත්තුව නැරඹීමේ අවස්ථාව අහිමිව ගොස් ඇති බව වනජීවී නිලධාරීහු සදහන් කරයි.

ලංකාවට ඩොලර් උපයන ප්‍රධාන මර්මස්ථානයක් ලෙස හැඳින්වෙන විල්පත්තුව ජාතික වනෝද්‍යානය වෙතට දෛනිකව දෙස් විදෙස් සංචාරකයන් 200කට ආසන්න ප්‍රමාණයක් නිරායාසයෙන්ම පැමිණෙයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.