Image

අලුත් වෙනසකින් “යුක්තිය” මෙහෙයුම අරඹයි.!

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීමේ සිදුවුණ අඩුපාඩු නිරික්ෂණය කළ බවත් ඒවා නිවැරදි කරමින් පොලීසියට ලැබී ඇති බලතල අනුව මෙහෙයුම් කටයුතු ඉදිරියේදී නොනවත්වා සිදුකරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සදහන් කරයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සදහන් කළේ,

“ක්‍රියාත්මක වීමේ සිදුවුණ අඩුපාඩු අපි නිරික්ෂණය කළා. ඒවත් නිවැරදි කරමින් පොලීසියට අනපනත්වලින් ලැබී ඇති බලතල අනුව පොලීසිය මෙහෙයුම් කටයුතු ඉදිරියේදී නොනවත්ව සිදුකරනවා.

වෙනත් රාජකාරිවල යොදවලා හිටපු නිලධාරීන් ඒ සඳහා යොමු කිරීමෙන් ඊට වැඩිය ධාරිතාවකින් යුක්තව ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා.

පොලීසියේ නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා. ඒ හිඟයට විකල්ප පිළිතුරක් විදිහට මේ දක්වා වෙනත් රාජකාරිවල යොදවා සිටි නිලධාරීන් ඒ අවශ්‍යතාවය මත මහජන සේවය නිසි ආකාරව ඉටුකිරීම සඳහා විශේෂයෙන් අපරාධ වැළැක්වීම සඳහා යොදාගන්න කටයුතු කරනවා.”

TRENDING POST