Image

ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ: නායකත්වය අසලංකට: මැතිව්ස් ඉවතට..

COLOMBO (News 1st) – ඉන්දියාවට එරෙහි තරග තුනකින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී සංචිතය නම් කර තිබේ. 

ඒ අනුව, පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ලැබේ. 

මෙවර 20යි 20 ලෝක කුසලානයට ක්‍රීඩා නොකළ කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල් සහ බිනුර ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබේ. 

ඒ වගේම මෙවර LPL තරගාවලියේදී දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩක චමිදු වික්‍රමසිංහද සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. 

මෙවර 20යි 20 ලෝක කුසලානයට ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, ඩිල්ෂාන් මධුෂංක සංචිතයෙන් ඉවත් කර තිබේ. 

ඒ අනුව ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

01. චරිත් අසලංක (නායක)
02. පැතුම් නිස්සංක 
03. කුසල් ජනිත් පෙරේරා
04. අවිශ්ක ප්‍රනාන්දු
05. කුසල් මෙන්ඩිස්
06. දිනේෂ් චන්දිමාල්
07. කමිඳු මෙනේඩිස්
08. දසුන් ශානක
09. වනිඳු හසරංග
10. දුනිත් වෙල්ලාලගේ
11. මහීෂ් තීක්ෂණ
12. චමිදු වික්‍රමසිංහ
13. මතීෂ පතිරණ
14. නුවන් තුෂාර
15. දුෂ්මන්ත චමීර
16. බිනුර ප්‍රනාන්දු 

ඉන්දු – ශ්‍රී ලංකා 20යි 20 තරගාවලියේ සියලු තරග රාත්‍රී තරග ලෙස පවත්වනු ලබන්නේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීය.

ඒ අනුව ජූලි 27, 28 සහ 30 වැනිදා යන දිනවලදී තරග පැවැත්වේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.