COLOMBO (SL NEWS24) – ඕමාන මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පෙරලීමෙන් අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඇතුළු නාවිකයින් 6 දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව, එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ, ඔවුන් සොයා සිදු කළ ගුවන් මෙහෙයුම් ද අසාර්ථක වූ බවයි.
කොමරෝස් ධජය සහිතව යාත්‍රා කළ මීටර් 117 ක දිගින් යුත් ප්‍රෙස්ටීජ් ෆැල්කන් නම් එම ඉන්ධන ප්‍රවාහන නෞකාව, පසුගිය සඳුඳා පස්වරුවේ අනතුරට ලක්විය.
අනතුර සිදු වන අවස්ථාවේ එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව, 16 ක්.
ඉන් 9 දෙනෙකු මුදා ගැණුනු අතර ඒ අතර ශ්‍රී ලාංකිකයෙකු ද වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක් මළ සිරුරක් මේ වන විට සොයා ගෙන ඇති බවයි.