පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා ඊයේ (13) දිනයේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතා අවසන් මොහොතේ නාම යෝජනා භාර නොදී එම සටනෙන් ඉවත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බවයි.
මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ මේ වනවිට ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය සඳහා පැවති ජනතා ආකර්ෂණය ක්‍රමිකව අඩුවෙමින් පවතින අතර, රටේ සෘජු දේශපාලන මතයක් නොදැරූ 30% – 35% ප්‍රතිශතයක් රනිල් වික්‍රමසිංහ මහතා කරා ඇදී එමින් පවතින බවයි.
එමෙන්ම ඔහු සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම හරහා ඔහුට රාජපක්ෂවරු ආරක්ෂා කිරීම සම්බන්ධව එල්ල වී තිබූ චෝදනාවද අවසන් වනු ඇති බවයි.
කෙසේවෙතත් තමාගේ අත්දැකීම් අනුව නාමල් රාජපක්ෂ මහතා අවසන් මොහොතේදී නාමයෝජනා භාර නොදී සිටිනු ඇති බවත් ඔහුට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුවහොත් හිමිවනුයේ පස්වැනි ස්ථානය බැවින් ඔහු එම මෝඩකම නොකරනු ඇති බවත් දිසානායක මහතා පැවසීය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ මොහොතේ ගතයුතු හොඳම පියවර වන්නේ අඩියක් පිටුපසට ගෙන රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වා නාමල් රාජපක්ෂ මහතාට ආගමැති තනතුර ලබා ගැනීම බවයි.