ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තු සංකීරණය වෙත පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තු සංකීරණය වෙත පැමිණ තිබේ.
හේමමාලි වීරසේකර 10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිධුරය සඳහා තෝරා පත් කෙරේ.
10වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි පත්කර තිබෙනවා. මොහොමඩ් රිස්වි පත්කරන ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස විසින් යෝජනා කළ අතර එම යෝජනාව සම්මත කරන ලද්දේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි අමාත්‍ය විසින්. මීට සුළු මොහොතකට පෙර 10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්‍ය අසෝක සපුමල් රන්වල පත්කරනු ලැබුවා.
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි.
10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ සඳහා සහභාගී වෙන මැති ඇමතිවරු මේ වනවිට පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇත. මංගල සැසිවාරය චාම් උත්සවයක් ලෙස පැවැත්වෙන අතර, ජයමංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලී මෙවර නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කළේය. අද (21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වූ…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස රවී කරුණානායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සදහා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් සඳහා රවි කරුණානායකගේ නම සදහන් ලිපිය පසුගියදා එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා මැතිවරණ ලේකම් කාර්යාලයට යොමු කර…
සැබෑ අර්ථයෙන්ම ආර්ථික ක්‍රියාවලියේදී ශ්‍රම බලකාය තුළ අමාත්‍යවරයා ලෙස තමා ද අන් අය මෙන්ම තවත් එක් ශ්‍රමිකයකු පමණක් බවත්, සෑම අයෙකුම ඒ බව තේරුම් ගෙන කටයුතු කිරීම මගින් ශක්තිමත් ඵලදායී ශ්‍රම බලකායක් පිළිබඳව වන රජයේ අපේක්ෂාව ඉටුකර ගත හැකි බවත් නව කම්කරු අමාතයවරයා ලෙස පත්වූ මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාරාහේන්පිට…
සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා සිය නම ද යෝජනා වී ඇතැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි. පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය උදෙසා රට පුරා කාන්තා සංවිධාන පිහිටුවමින් තමා විශාල වැඩකොටසක් කළ බවයි, ඈ පෙන්වා දුන්නේ. සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පහෙන් එකක් කාන්තාවකට ලබා දෙන්නේ නම් ඒ සඳහා සියලු සුදුසුකම් තමන් සපුරා ඇති…
10 වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමට සඳහා අද (21) උදෑසන 9.00 පමණ වනවිට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහනධීර සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබේ. ඇය පැවසුවේ, උදෑසන 10.00ට නව සභාවාරය ආරම්භ වන බවයි. පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමු කරන බවත් අනතුරුව ඔවුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ගණපූර්ණ සීනුව නාද කරන…
විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා දින වෙන් කරවා ගත් සාමාන්‍ය ජනතාවට පැය ගණනාවක් ඒ සඳහා රැඳී සිටීමට සිදුව ඇති පසුබිමක හිටපු දේශපාලඥයින් කිහිප දෙනෙකුට පූර්ව දින වේලාවල් නොමැතිව පැයකටත් වඩා අඩු කාලයකින් ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම…