2025 වසරේ පාසල් නිවාඩු ලබාදෙන්නේ මෙහෙමයි.!
අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය විසින් 2025 වසරට අදාළ පාසල් වාර සටහන නිකුත් කර ඇත.
අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය විසින් 2025 වසරට අදාළ පාසල් වාර සටහන නිකුත් කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ හිටපු මැති ඇමතිවරුන් භාවිතා කල රජයට අයත් නිල නිවාස 04ක් මෙතෙක් රජයට බාරදී නොමැති බවයි. ඒ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත සහ මොහාන් ද සිල්වා යන මහත්වරුන්ද නිසි ක්‍රමවේදයන්ට අනුව නිල නිවාස මෙතෙක් බාරදී නොමැති අතර හිටපු විපක්ෂ නායකවරුන් වන ආර්.සම්බන්ධන් සහ හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ යන අයවලුන්ද…
විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සදහා දිනයක් ලබාගැනීමට ඔන්ලයින් (Online) ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි. අමාත්‍ය විජිත හේරත් සදහන් කළේ, “කොටස් වශයෙන් දැන් පාස්පෝට් ලැබෙනවා. ඔක්තෝබර් මාසයේ 50,000ක්, නොවැම්බර් අග ලක්ෂයක්, දෙසැම්බර් අග ලක්ෂයක්, ඒක තමයි ඒ අය ඇවිත් තිබුණු එකඟතාවය. මේ 750,000 එකවර ගෙන්න ගන්න ඒ අදාළ…
නව ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ පාර්ලිමේන්තු ධූර අපේක්ෂක තිලකරත්න දිල්ෂාන් මහතා පවසන්නේ තමන්ට ද්විත්ව පුරවැසිභාවය තිබෙන බව ඔප්පු කළහොත් හෙට දේශපාලනයෙන් සමුගන්නා බවයි. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. “මට ද්විත්ව පුරවැසිභාවය තිබෙන බව සමහර දේශපාලකයන් කියනවා. පසුගියදා සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාත් එසේ ප්‍රකාශ කර තිබෙනවා. එය ඔප්පු…
ජනාධිපති අනුර කුමාර දිසානායක ජය ගැනීමේදී මෙරට බලපෙරළියක් සිදු වු බවත් ජනතාවට කිට්ටු, ජනතාව වෙනුවෙන් සිටින බලපෙරළියක් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය සදහන් කළාය. තවදුරටත් දේශපාලන වේදිකාවල බොරු කියන පුද්ගලයින් ජනතාව ප්‍රතික්ෂේප කරන බව ඔප්පු වී අවසන් බවත් ජාතිවාදය, ආගම්වාදය හරහා මැතිවරණය විකෘති කිරීමට අවස්ථාවක් තවත් නොමැති බව ඔප්පු වී අවසන් බවද සදහන් කළාය. වැඩ…
ඊයේ (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසා සිටියේ, අඩු අදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 1,996ක් ප්‍රධානයක් ලෙස ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි. අදියර 03ක් යටතේ ස්ථාන තුනකදී අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්ම කිරීමට තීරණය කර ඇති මෙම නිවාස ඒකක 1,996ක් ඉදිකිරීම, පැකේජ…
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. උතුරු සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්…
පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙසට යොදා ගැනීමට එම විහාරාධිපතිවරුන් කිසිදු අකමැත්තක් පළ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සදහන් කරයි. කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සදහන් කළේ, “2024 නොවැම්බර් (14) වෙනිදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය…
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ ආකාරයට ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව තිබෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. තමාට ලබා දී ඇති ආරක්ෂක පිරිස අඩුකිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, රවී සෙනෙවිරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිවරිය මේ බව සඳහන් කර තිබෙනවා. අදාළ ලිපියේ…
යුද හමුදාවේ පිරිස් බලය නියමිත ප්‍රමාණයට අඩුකර ගැනීම සිදුකරන බවත් එය සිදුවන්නේ ක්‍රමානුකූල ස්වභාවික ක්‍රමවේදයකට බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් කේ.ඒ.එන්. සිසිර සදහන් කරයි. දැනට එක් ලක්ෂ හතලිස් තුන් දහසක් පමණ වන යුද හමුදාවේ පිරිස් බලය 2030 වසර වනවිට එක් ලක්ෂ තිස් දහසක අඩුකර ගැනීමට සැලසුම් කර ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි….