එජාප ජාවාරම්කාරයෝ සජබට වද්දගන්නේ නෑ.. සජබ එජාබ කෙහෙවලු පැටලෙයි.! 

එජාප ජාවාරම්කාරයෝ සජබට වද්දගන්නේ නෑ.. සජබ එජාබ කෙහෙවලු පැටලෙයි.! 

පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා මහනුවර දී පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම්කාර කල්ලියත් සමඟ සංධාන ගතවීම යනු සමගි ජන බලවේගය විසින් තමන්ගේ ගෙල තමන්ගේ සියතින්ම සිඳගැනීම වැනි තත්වයක් බවයි. එමෙන්ම හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ සමගි ජන බලවේගයට ලැබුණු ජනවරම කොල්ල කෑමේ උත්සාහයක එක්සත් ජාතික පක්ෂය නිරතවෙනා බවයි. “එක්සත්…

අපට හොරු කියන අයට වඩා වැඩි ඡන්ද ලක්ෂ 25ක් අපි ගත්තා…! – එස්.බී

අපට හොරු කියන අයට වඩා වැඩි ඡන්ද ලක්ෂ 25ක් අපි ගත්තා…! – එස්.බී

විපක්ෂ දේශපාලන පක්ෂ මේ වන විට සන්ධාන ගොඩනඟාගෙන මැතිවරණයට මුහුණ දීමට සූදානම් වන බවත් එහි වරදක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි. ඔහු පෙන්වා දෙන්නේ කෙසේ වුව ද ආණ්ඩුවේ වැඩපිළිවෙළට බාධා කරමින් කකුලෙන් ඇදීමට කටයුතු නොකළ යුතු බවයි. 225ම හොරු යැයි පැවසුව ද හොරු නොවන පිරිසට වඩා වැඩි ඡන්ද ලක්ෂ 25කට වඩා හොරු…

මම දේශපාලනයෙන් සමුගන්න සූදානම්.. ඒත් ගජ මිතුරන් අතාරින්න බැ.! – නිමල් සිරිපාල ද සිල්වා

මම දේශපාලනයෙන් සමුගන්න සූදානම්.. ඒත් ගජ මිතුරන් අතාරින්න බැ.! – නිමල් සිරිපාල ද සිල්වා

තමන් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දේශපාලන ගමන අත්හැරීමට සූදානම් බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සදහන් කරයි. වසර 35ක් පුරාවට තමන් සමග දේශපාලනය කළ පිරිස සහ පාක්ෂිකයා තනිකරමින් දේශපාලනයෙන් ඉවත්ව යා නොහැකි බවද හිටපු අමාත්‍යවරයා සදහන් කරයි. නිමල් සිරිපාල ද සිල්වා තවදුරටත් සදහන් කළේ, “මට නම් මේක දාලා යන්න පුළුවන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි…

හඳුන්නෙත්තිගේ සූත්තරේට ඩීසල් ලීටරේ 86කින් අඩු කරන්න පුළුවන්…! – ආනන්ද පාලිත

හඳුන්නෙත්තිගේ සූත්තරේට ඩීසල් ලීටරේ 86කින් අඩු කරන්න පුළුවන්…! – ආනන්ද පාලිත

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහත වැටී ඇති අවස්ථාවක ගසා කන සූත්‍රයට ම ඉන්ධන මිල අඩු කිරීමට තමන් විරුද්ධ බව සමගි ජන බලවේග වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි. කාංචන විජේසේකරගේ සාක්කුවට ඉන්ධන ලීටරයකින් රු.160ක් ගියේ යැයි කී සුනිල් හඳුන්නෙත්තිගේ සූත්‍රය අනුව ඩීසල් ලීටරයක් රු. 86කින් අඩු කළ හැකි බවයි, ඔහු ප්‍රකාශ කළේ. එහෙත් ඩීසල්…

අඛණ්ඩව ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් රජයෙන් සහතිකයක්.!

අඛණ්ඩව ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් රජයෙන් සහතිකයක්.!

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ථ සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර අවසන් අවසන් බවයි. කෙසේවෙතත් මිල අඩු කළ ඉන්ධන පසුගිය ආණ්ඩුව විසින් ආනයන කළ ඉන්ධන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. පසුගිය ආණ්ඩුවලදී…

අදත් වැසි වසියි

අදත් වැසි වසියි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩිතරමක තද වැසිද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එහි සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…

වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් පත් කරයි.!

වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් පත් කරයි.!

වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එච්. ජේ. ඉලුක්පිටිය සැප්තැම්බර් (25) වනදා සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ…

ජනපති නියමයෙන් පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි.!

ජනපති නියමයෙන් පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවන ලෙසයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පසුගිය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (30) විරෝධතාවයක නිරතවු මව්පියන් පිරිසක් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවකින් පසුව එම තීරණය ගෙන ඇති බව සඳහන්.

ජුලී චන්ග් ජනපති හමුවෙයි.. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා.!

ජුලී චන්ග් ජනපති හමුවෙයි.. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා.!

අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් පවත්වා ඇත. එම සාකච්ජාවේදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබ පැතුම් එක් කළ ජුලී චන්ග් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා රැසක්…

කිසිදු උත්සවයකින් තොරව ක්‍රීඩා මධ්‍යස්ථාන 5ක් ජනතා අයිතියට.!

කිසිදු උත්සවයකින් තොරව ක්‍රීඩා මධ්‍යස්ථාන 5ක් ජනතා අයිතියට.!

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ අලුතින් නිම කරන ලද ක්‍රීඩා මධ්‍යස්ථාන 5 ක් කිසිදු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරනා ලෙසයි. අග්‍රාමාත්‍යවරිය මෙම උපදෙස් ලබාදී ඇත්තේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග පැවති සාකච්ජාවකදීය. මෙලෙස කිසිදු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරිය…