රැල්ලට රැවටී තවත් ගෝඨෙකුට හසුවෙන්න එපා.. මේ නායකයන් පුහුණු කරන අත්හදා බලන වෙලාවක් නෙමෙයි…! – තලතා 

රැල්ලට රැවටී තවත් ගෝඨෙකුට හසුවෙන්න එපා.. මේ නායකයන් පුහුණු කරන අත්හදා බලන වෙලාවක් නෙමෙයි…! – තලතා 

ගෝඨාභය රාජපක්ෂ විසින් වරක් තහවුරු කළ ඒ භයානක අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ළඟා ගතයුතු නැති බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි ඇය මේ බව කියා සිටියේ. එම මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි. “ඉදිරි ජනාධිපතිවරණයට අදාළ භයානක සිදුවීමක් පිළිබඳව මා පසුගියදා රටට හෙළිදරව් කළ ද මේ…

මහින්දගේ පිංපොං, අර්ජුන් කමලනාත් රනිල්ට

මහින්දගේ පිංපොං, අර්ජුන් කමලනාත් රනිල්ට

රංගන ශිල්පීන් දෙපලක් වන රජිත හිරාන් සහ අර්ජුන් කමලනාත් යන අය එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වීමට එක්ව තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා මේ වන විට ජනාධිපතිවරයාගේ මැතිවරණ වේදිකාවන්හී දක්නට ලැබුණත් පසුපෙළ ආසන ඔවුන්ට පනවා තිබෙන අයුරු දක්නට ලැබෙනවා. රජිත හිරාන්ට සහ අර්ජුන් කමලනාත්ට මහින්ද රාජපක්ෂ යුගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ අයථා…

ජනපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් ඡන්ද දායකයින් වෙත – නොමිලේ බෙදාහැරීමේ තීරණයක්

ජනපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් ඡන්ද දායකයින් වෙත – නොමිලේ බෙදාහැරීමේ තීරණයක්

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්.එල්.ඒ.එම්.රත්නායක මහතා කියා සිටියේ එම පහසුකම නොමිලයේ සිදුකිරීමට කටයුතු සලසා ඇති බවයි. ඒ අනුව අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්ම අවශ්‍ය ලිපිලේඛණ ද තැපෑල හරහා නොමිලයේ ජනතාව වෙත බෙදා හැරීමට හැකියාව පවතින බව ද…

රනිල් පැරදුනොත් අපි හැමෝම සමූළ ඝාතනය වෙනවා.. – මනුෂ

රනිල් පැරදුනොත් අපි හැමෝම සමූළ ඝාතනය වෙනවා.. – මනුෂ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් මෙරට ජනාධිපති දුරට පත් නොවුනහොත් අප සියලු දෙනා සමූල ඝාතනය වීම වැළැක්වීමට නොහැකි බව ටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ලද ජනරැළියක් අමතමිනි. ඔහු එහිදී මෙසේද කියා සිටියේය. ‘අර්බුදයෙන් එළියට යනවාද, එහෙම නැත්නම් රට යළිත් අර්බුදයකට…

ක්ලබ් වසන්තගේ වෙඩික්කරුවන් අත්අඩංගුවට ගත් හැටි හෙළිවෙයි: ඔත්තුව දුන් පුද්ගලයාත් පොලිස් කූඩුවේ

ක්ලබ් වසන්තගේ වෙඩික්කරුවන් අත්අඩංගුවට ගත් හැටි හෙළිවෙයි: ඔත්තුව දුන් පුද්ගලයාත් පොලිස් කූඩුවේ

පසුගිය ජූලි මස අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ ක්ලබ් වසන්ත නමැති අයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රධාන වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම පිරිස අතර තරුණියක් සහ හිටපු පළාත් සභා…

රට වැට්ටුවේ රාජපක්ෂ පවුලයි.. රනිල් රට බේරාගත්තා – නිමල් ලාන්සා

රට වැට්ටුවේ රාජපක්ෂ පවුලයි.. රනිල් රට බේරාගත්තා – නිමල් ලාන්සා

වැටුණු රට ගොඩ ගැනීමට ජාත්‍යන්තර සහයත්, පලපුරුද්ද හා අද්දැකීම් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය. නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ජා ඇල පැවති ජන රැලියකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා, “මේ රට වැට්ටුවේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ රාජපක්ෂ පවුලම මේ රට වැට්ටුවා. අද…

රනිල් දිනවන්න සිටි ජනතාව වේගයෙන් සජිත් වටා එකතු වෙනවා…! – මරික්කාර්

රනිල් දිනවන්න සිටි ජනතාව වේගයෙන් සජිත් වටා එකතු වෙනවා…! – මරික්කාර්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඡන්දය දීමට තීරණය කර සිටි පිරිස් වේගයෙන් සමඟි ජන බලවේගය සමඟ එකතු වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සමඟි ජන සන්ධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. “කාර් එකයි ත්‍රිරෝද රථයටයි තෙල් ගහන විට එක ප්‍රමාණයකට තෙල් ගහන් පුළුවන්. නමුත් ත්‍රිරෝද රථ රියදුරාට සහනාධාරයක් ලැබෙනවා. ඒ වගේම…

ප්‍රදේශ රැසකට අදත් වැසි

ප්‍රදේශ රැසකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ක පමණ තරමකතද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…

ඉන්ධන මිල වෙනස් වෙයි – නව මිල ගණන් මෙන්න

ඉන්ධන මිල වෙනස් වෙයි – නව මිල ගණන් මෙන්න

මාසික මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 332කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු වී ඇති අතර, එහි නව…

උපකාරක පන්ති අත්හිටුවයි ?

උපකාරක පන්ති අත්හිටුවයි ?

මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා. කොළඹ ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්,ඔහු මේ බව කියා සිටියා. උපකාරක පන්ති ආශ්‍රිතව ජනාධිපතිවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මේ දින වල සමීක්ෂණ පවත්වන බව ඔහු කියා සිටියා. එය අපේක්ෂකයන්ට අවාසි සහගත තත්ත්වයක්…