රනිල්ට මන්ත්‍රීවරු 92ක් ඉන්නවා කියපු කතාවේ පොහොට්ටු වාර්තාව එළියට එයි! ඇවිත් හිටියේත් මන්ත්‍රීවරු 80යි! ඒකෙනුත් පොහොට්ටුවෙන් ඉඳලා තියෙන්නේ 58 දෙනයි!
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු ජනාධීපතිවරයාට මන්ත්‍රීවරුන් 92කගේ සහාය හිමිව ඇති බවට පළව ඇති වාර්තා සම්බන්ධයෙන් පොහොට්ටුව විසින් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කොට තිබේ. එම විමර්ශනයට අනුව ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මැතිඇමැතිවරු 80ක් සහභාගී වී ඇති බව වාර්තා වී තිබේ. එම ප්‍රමාණයෙන් 58 දෙනෙක් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සිට ඇති අතර අනෙක් පිරිස…
