පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු වෙයි
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබේ. සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඒ බව පැවසීය.
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබේ. සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඒ බව පැවසීය.
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙන බව වාර්තා වනවා. අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා විය. ඒ අනුව, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින්නන් ලෙස මේ වන විට කරළියට පැමිණ ඇති අය නම්, 01. ජනාධිපති රනිල් වික්‍රමසිංහ 02. විපක්ෂ නායක සහ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස 03. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 04. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වෙයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වන දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වනදා මධ්‍යහ්න 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන…
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා ලෙස නියම කරමින්, ජාතික මැතිවරණ කොමිසමෙන් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි.නාමයෝජනා භාරගැනීම අගෝස්තු 15 වැනිදා.
ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ අද (25) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එහිදී එම මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ඇතුළු පොදුජන පෙරමුණේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි. මේ මොහොතේ පක්ෂයේ…
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාරගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය හෙළි කරන ලෙස සිදුකළ ප්‍රකාශයට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පිළිතුරු ලබාදී තිබෙනවා. අද දින අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා තිබෙනවා. එම ලිපිය සමඟ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු…
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ. විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය. මේ හේතුව නිසා අදාල නීති ගැටලුව ලිහාගන්නා තුරු පොලිස්පති ධුරය හිස්ව…
අපි අවංකව රනිල් වික්‍රමසිංහ මහත්තයට උදවු කලා.හැබැයි ඉතින් අපිට අවාසනයට ලැබෙන්නේ අපේ පක්ෂය දෙකට කඩන්න උත්සාහයක්නම්,එතුමා ඒ පිළිබඳවත් කල්පනා කල යුතු බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින නෙළුම් මාවතේදී මාධ්‍යවේදියකු විසින් යොමුකල ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ප්‍රශ්නය:ඔබතුමන්ලා දැන් රනිල් මහත්තයට නැවත…