අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

මිහිදන් කළ කළු අතීතය නලින්ද ගොඩ අදී.. ආණ්ඩුවෙන් විශේෂ මෙහෙයුමක්.!

මිහිදන් කළ කළු අතීතය නලින්ද ගොඩ අදී.. ආණ්ඩුවෙන් විශේෂ මෙහෙයුමක්.!

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මෙරට මාධ්‍යවේදීන් විවිධ වකවානුවල, විවිධ පාලන තන්ත්‍රයන්ගේ පළිගැනිමට හා තර්ජනයට හා හිංසනයට ලක් වූ කළු අතීතය වැනි තත්ත්වයක් නැවත මේ රට තුළ නිර්මාණය වීමට කිසිසේත් ඉඩ නොතබන බවයි. පසුගිය කාලයේ පුරා පැවති ආණ්ඩු කිහිපයක් තුළ පීඩාවට පත් සියළු මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්ති හා…

මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් තීරණයක්.!

මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් තීරණයක්.!

වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය පවසන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තවදුරටත් වාර්ෂිකව රුපියල් බිලියන 3.2ක පාඩුවක් ලබමින් පවතින බවයි. මත්තල ගුවන්තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව ලක්ෂ 10 ක් වන නමුත් මේ වනවිට මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන්නේ වාර්ෂිකව මගීන් ලක්ෂයක් පමණ වෙයි. එම පාඩුව අවම කිරීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටින බවත් ඒ අනුව මත්තල ගුවන්තොටුපොළට…

හංවැල්ලේ VIP රථ පෙළපාළිය ගියේ මගුල් ගෙදරක…! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හංවැල්ලේ VIP රථ පෙළපාළිය ගියේ මගුල් ගෙදරක…! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

විදුලි ආලෝකය දල්වමින් හා සයිරන් නළා නාද කරමින් හංවැල්ල මාර්ගයේ පෙබරවාරි 2 වන දා සවස් කාලයේ ගමන් කර තිබූ රථ වාහන පෙළපාලිය විවාහ උත්සවයකට සහභාගීවීමට ගොස් ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම ප්‍රදේශයේ පසුගිය 30 වන දා විවාහ උත්සවයක්…

පොල් මණ්ඩලය රිළව් ගණිති.!

පොල් මණ්ඩලය රිළව් ගණිති.!

පොල් සංවර්ධන මණ්ඩලය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි රිළා සංගණනයක් කිරීමට කටයුතු යොදා ඇත. පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි මහතා පවසන්නේ මෙම සංගණනය පෙබරවාරි 15 හෝ 22 දින දෙකෙන් එකක සිදු කිරීමට නියමිත අතර එම සතුන්ගෙන් පොල් වගාවට වන හානියට පිළියම් සෙවීමේ අරමුණෙන් මේ සංගණනය සිදු කරන බවයි. රිළා ගහනය කළමනාකරණය…

පාස්පෝට් පෝලිම් අවසන්.. පැය 24ම වැඩ.!

පාස්පෝට් පෝලිම් අවසන්.. පැය 24ම වැඩ.!

මේ වනවිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවත් ඒ අනුව දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (05) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කරයි. අමාත්‍ය…

අඩු වියදම් නිදහස් උළෙලට කතානායක වෑන් රථයක…!

අඩු වියදම් නිදහස් උළෙලට කතානායක වෑන් රථයක…!

කතානායක ජගත් වික්‍රමරත්න නිදහස් උළෙල සඳහා සිය නිල රථයෙන් නොපැමිණීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ. කතානායකවරයා නිදහස් උළෙල සඳහා වෑන් රථයකින් පැමිණි බවට ඊයේ දෙරණ වාද පිටියේ දී චෝදනා එල්ල විය. කතානායකරයා පැමිණි රථයෙහි ජාතික දජය සවි කර තිබුණේ ද නැත. සරලකම චාම් බව යනු නිදහස් උළෙලෙහි අභිමානය අහිමි කිරීමක් නොවන බවත් වියදම් කළ යුතු…

රජයේ වී මිලට නිෂ්පාදකයෝ බාල්දි පෙරළයි.!

රජයේ වී මිලට නිෂ්පාදකයෝ බාල්දි පෙරළයි.!

රජය විසින් වී කිලෝවක් සදහා නියම කළ සහතික මිලට එකඟ නොවන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා සදහන් කරයි. වී සදහා සහතික මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව රජය අවධානය යොමුකර නොමැති බවද සභාපති මුදිත පෙරේරා සදහන් කරයි. රජය වී මිල ගණන් සකස් කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ තොග රැස්කිරීමේ, තොග රඳවාගැනීමේ සහ බැංකු…

නවක මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම ගැන නලින්ද පහදයි.!

නවක මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම ගැන නලින්ද පහදයි.!

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් සදහා රජයෙන් වාහන ලබාදීමට බලාපොරොත්තු නොවන බවයි. මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම රජයේ ප්‍රමුඛ කටයුත්තක් නොවන බවත් ඒ වෙනුවෙන් වාහන ආනයනය නොකරන බවත් මාත්‍යවරයා පැවසීය. දැනට රජයේ ස්ථාවරය අනුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අවශ්‍ය වාහන පහසුකම් ඔවුන් විසින් සලසා ගත යුතු…

නීතිවිරෝධීව ආනයනය කළ තවත් සුපිරි රියක් හමුවෙයි.!

නීතිවිරෝධීව ආනයනය කළ තවත් සුපිරි රියක් හමුවෙයි.!

මෙරටට නීතිවිරෝධී ලෙස ආනයනය කළ ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ සුඛෝභෝගී රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම චෝදනාව යටතේ මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයෙකු ඉකුත් (03) වනදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් එලෙස…