ප්‍රදේශ කිහිපයක සුළු වැසි තත්ත්වයක්

ප්‍රදේශ කිහිපයක සුළු වැසි තත්ත්වයක්

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව…

මාස 4ක් අඩුයි..පොල් මදේ යෝජනාව කැබිනට්ටුවට.!

මාස 4ක් අඩුයි..පොල් මදේ යෝජනාව කැබිනට්ටුවට.!

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉශාන්ත රණතුංග සදහන් කළේ, රටේ පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මද ආනයනය කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. පොල් ගෙඩි මිලියන 200කට අදාළ වන පොල් ප්‍රමාණයක් පොල්කිරි, පිටි සහ ශීතකළ පොල් මද යන කාණ්ඩ 03 යටතේ ප්‍රති අපනයනයට පමණක් ආනයනය කිරීමට අවසර දෙන ලෙස කැබිනට් පත්‍රිකාව මගින් ඉල්ලා ඇත….

හිතපු තරම් නරක නෑ.. අනුර හොඳයි වගේ.!

හිතපු තරම් නරක නෑ.. අනුර හොඳයි වගේ.!

පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ කාල සීමාවේදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තීන් සහ මතවාදයන් සම්බන්ධයෙන් ඉතා දැඩි විවේචනාත්මක ප්‍රකාශයන් සහ අපහාසයන් සිදුකළ හිමි නමක් වූ පූජ්‍ය පිටිදූවේ සමන්තභද්‍ර හිමියෝ මේ වන විට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පල කර තිබේ.  මීට පෙර ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සමග සමන්තභද්‍ර හිමි සමීප…

මෙවර ඡන්ද හිමි නාමලේඛණයේ වෙනසක්.!

මෙවර ඡන්ද හිමි නාමලේඛණයේ වෙනසක්.!

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඡන්ද හිමි නාමලේඛණය සඳහා ලියාපදිංචිවීම මෙවර මාර්ගතගත ක්‍රමය ඔස්සේ සිදු කරන බවයි. මින් පෙර එම කටයුත්ත ග්‍රාම නිලධාරී මහතුන් විසින් ගෙයින් ගෙට ගොස් අදාළ ආකෘති පත්‍ර‍ය ලබාදීමෙනි. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ්අඩවියට පිවිස පරිශීලක ගිණුමක් සකස් කර එහි “පුරවැසියන් සඳහා” යන යොමුව මඟින් “මාර්ගත ලියාපදිංචිය” යන…

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් නංවන්න රු. බිලියන 90ක් වෙන් කරයි!

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් නංවන්න රු. බිලියන 90ක් වෙන් කරයි!

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා එළැඹෙන අයවැය මගින් රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජයපාල පවසයි. “සමස්තයක් විදියට රාජ්‍ය සේවයේ පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට සන්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය සේවය සමස්තයක් විදියට කළමනාකරණය කරන්න අවශ්‍යයි කියලා. ඒ වෙනුවෙන් යම් යම් සංශෝධන ගනිමින්…

බංකොලොත් රටක නිදහස් සැමරුමක අසිරිය.. පානීය ජලය සඳහා ලක්ෂ 86යි.!

බංකොලොත් රටක නිදහස් සැමරුමක අසිරිය.. පානීය ජලය සඳහා ලක්ෂ 86යි.!

අල්ලස, දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින් රනිල් වික්‍රමසිංහ පාලන සමයේ 75 සහ 76 වන නිදහස් දින සැමරුම් අතරතුර සිදුකර ඇති අති විශාල මහජන මුදල් නාස්තියක් මෙන්ම දූෂණයන් රැසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරයි. තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ලබාගත් වියදම් වාර්තා උපුටා දක්වමින් ඔහු අනාවරණය කළ තොරතුරු මෙසේය. 75 වන නිදහස් දින…

මන්ත්‍රීලට වාහන 225ක් රටින් ගේන්න තීන්දු කරලා නෑ… දේශීය වාහන 225ක් වුණත් දෙන්නත් පුළුවන්…! – ඇමති හඳුන්නෙත්ති

මන්ත්‍රීලට වාහන 225ක් රටින් ගේන්න තීන්දු කරලා නෑ… දේශීය වාහන 225ක් වුණත් දෙන්නත් පුළුවන්…! – ඇමති හඳුන්නෙත්ති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අලුත් වාහන 225ක් ආනයනය කර ලබා දීමට රජය මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව ඇමති සුනිල් හඳුන්නෙත්ති පවසයි. කෙසේ වුව ද මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා නොදීමට තමන් මැතිවරණ ප්‍රකාශය මගින් ජනතාවට පොරොන්දු වී ඇති බව ද හෙතෙම අවධාරණය කරයි. ඒ අනුව ඇතැම් විට දැනට රජය සතු වාහන සංචිතයක් එකතු කර එමගින් වුව ද…

හැත්තෑහත් අවුරුදු ශාපේ ගෙවෙද්දි පොල් රු. 100යි… පුනරුදේ ඇවිත් දවස් හැත්තෑ හතක් වෙද්දි පොල් රු.250යි…! – වජිර

හැත්තෑහත් අවුරුදු ශාපේ ගෙවෙද්දි පොල් රු. 100යි… පුනරුදේ ඇවිත් දවස් හැත්තෑ හතක් වෙද්දි පොල් රු.250යි…! – වජිර

රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති ධුරය භාර­ගත් පසු 25 වතා­වක් විදෙ­ස්ගත වූ බවට චෝදනා නැඟු­වත් එලෙස විදේ­ශ­ගත වූයේ පැවති ආර්ථික අර්බු­ද­යෙන් රට මුදා­ගැ­නී­මට ජාත්‍ය­න්තර සහ­යෝ­ගය ලබා­ගැ­නී­මට පම­ණක්ම බව එජාප සභාපති වජිර අබේ­ව­ර්ධන පවසයි. “රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති ධුරය භාර­ගැ­නී­මෙන් පසු රට ඔසවා තැබීම වෙනු­වෙන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී කට­යුතු කළා. නමුත් එතුමා ඒ දේවල්…

ඇමති බංගලා ගැන තීරණය කැබිනට්ටුවට.!

ඇමති බංගලා ගැන තීරණය කැබිනට්ටුවට.!

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න සදහන් කළේ, අමාත්‍යවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් ලබාගත් තක්සේරු වාර්තා එළ⁣ඹෙන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. එම බංගලා සම්බන්ධයෙන් තක්සේරු කිරීම අවසන් අදියරට පැමිණ ඇති බවත් එම බංගලා සම්බන්ධයෙන් යෝජනා රැසක් දැනටමත් ඉදිරිපත්ව ඇති බවත් එම යෝජනා අතරින් වඩාත්ම හොඳ යෝජනාවට ප්‍රමුඛත්වය ලබාදීමට…

තරුණ සේවා සභාවට පෑයූ තරුව.!

තරුණ සේවා සභාවට පෑයූ තරුව.!

චින්තක හේවාපතිරණ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ තරුණ සේවා සභාවේ සභාපති ධූරය සඳහා නීතීඥ සුපුන් විජේරත්න මහතා පත් කර තිබේ. ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන අතර මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපතිවරයා හා කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේද මන්ත්‍රීවරයෙකු වන සුපුන් විජේරත්න මහතා යොවුන්…