එට්කා ගැන කතා කරන්න ජනපති අනුරට සදාචාරාත්මක අයිතියක් නෑ.!

එට්කා ගැන කතා කරන්න ජනපති අනුරට සදාචාරාත්මක අයිතියක් නෑ.!

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට එට්කා ගිවිසුම පිළිබඳ කථා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර සදහන් කරයි. එට්කා ගිවිසුම අත්සන් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කාලයේ උත්සාහ කළද එයට විරුද්ධව උද්ඝෝෂණය කළ පිරිස අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පෙරමුණ ගත් නිසා ඒ ගැන කතා කිරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් නැතැයි…

මාලිමාව ඇමතිවරුන්ගේ කට බැඳලද.? දුරදිග ගිය “පක්ෂ අවසරයට” නලින්ද බෙල්ල තියයි.!

මාලිමාව ඇමතිවරුන්ගේ කට බැඳලද.? දුරදිග ගිය “පක්ෂ අවසරයට” නලින්ද බෙල්ල තියයි.!

සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම සඳහා ජාතික ජනබලවේග පක්ෂයෙන් අනුමැතිය ගත යුතු බවට අධිකරණ අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක් විසින් සමාජ මාධ්‍යක තැබූ සටහනක් පිළිබඳ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස මහතා වෙත පැනයක් යොමුවිය. එහිදී කැබිනට් ප්‍රකාශකවරයා පවසා සිටියේ, අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය ගැන තොරතුරු අමාත්‍යවරුන් විසින් ජනමාධ්‍යට කිව යුතු යැයි හෝ ජන මාධ්‍යට…

වෛද්‍යවරුන් සහ පහසුකම් නෑ.. එක රෝහලක රෝගීන් 54ක් මරුට.!

වෛද්‍යවරුන් සහ පහසුකම් නෑ.. එක රෝහලක රෝගීන් 54ක් මරුට.!

හෘද සැත්කම් සදහා අවශ්‍ය වෛද්‍යවරුන් මෙන්ම පහසුකම් නොමැති වීම හේතුවෙන් වව්නියාව මහ රෝහලේ මෙම 2024 වසරේ රෝහල්ගත වූ රෝගීන් 54 දෙනකු මියගොස් ඇතැයි වව්නියාව රෝහලේ සංඛ්‍යා දත්ත වලින් හෙළිව ඇත. මියගිය හෘද රෝගීන් 54 දෙනාගෙන් 46ක්ම වයස අවුරුදු 45ට අඩු රෝගීන් බවත් වව්නියාව මහ රෝහලේ හෘද සැත්කම් කිරීම සදහා අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදෙන ලෙස වෛද්‍යවරුන්…

අමනෝඥයින් දේශපාලනයෙන් ඉවත්කිරීමේ වැඩපිළිවෙලක්.!

අමනෝඥයින් දේශපාලනයෙන් ඉවත්කිරීමේ වැඩපිළිවෙලක්.!

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ වෙනත් බහුජන සංවිධාන රැසක් මැතිවරණ කොමිෂන් සභා ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ, මැතිවරණ වලට තරග කිරීමට පෙර අපේක්ෂකයන් අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් දත්ත පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීම අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි. ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටි ආරච්චි මහතා පැවසූවේ අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් අපේක්ෂකයන් තෝරා ගැනීමට…

රාජපක්ෂ බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි අංශ පුදුම කරවයි.. පොලිස්පති නියමයෙන් විමර්ශනයක්.!

රාජපක්ෂ බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි අංශ පුදුම කරවයි.. පොලිස්පති නියමයෙන් විමර්ශනයක්.!

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පැවසූවේ රාජ්‍ය බුද්ධි තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැති බවයි. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ යම්කිසි අවධානමක් පවතීනම්, අදාළ ආරක්ෂක තත්ත්වයත් නැවත සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට හැකියාවද පවතින බවයි. “මනෝජ් ගමගේ මහතා…

කෙහෙලියගේ තහනම් වතට ඉඩ මදි වූ පුවත්පත.!

කෙහෙලියගේ තහනම් වතට ඉඩ මදි වූ පුවත්පත.!

බස්නාහිර පළාත් මහාධිකරණයේ පුවත්පත් දැන්වීමක් පලකරමින්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව මහජනතාවට දැනුම් දී ඇත. එම අධිකරණ දැන්වීමට අනුව කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අයත් බැංකු ගිණුම් 18ක් සහ ජීවිත රක්ෂණ ගිණුම් 05ක් අක්‍රිය කර ඇති අතර කොළඹ 05 ප්‍රදේශයේ මහල් නිවාසයක් සහ Mercedes-Benz මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන…

ප්‍රදේශ කිහිපයකට වැසි

ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (28) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය…

ප්‍රබලයින් රැසකට වැඩ වරදින ආන්දෝලනාත්මක ගණුදෙනුව පාර්ලිමේන්තුවට.!

ප්‍රබලයින් රැසකට වැඩ වරදින ආන්දෝලනාත්මක ගණුදෙනුව පාර්ලිමේන්තුවට.!

ජනවාරි මස පැවැත්වෙන පාර්ලිමේන්තුවට රටේ ආන්දෝලනයට තුඩු දුන් ඊ වීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධ විගණන වාර්තා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න සදහන් කරයි. ඊ වීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධ විමර්ශන ‌බොහෝ දුරට අවසන්ව ඇති බවත් විමර්ශනවලින් අක්‍රමිකතා රැසක් අනාවරණය වී තිබෙන බවද ජාතික විගණන කාර්යාලය සදහන් කරයි. මෙම…

මුරපද සහ OTP කේත ගැන ජනතාව දැනුවත් වීම අත්‍යවශ්‍යයි.!

මුරපද සහ OTP කේත ගැන ජනතාව දැනුවත් වීම අත්‍යවශ්‍යයි.!

විදෙස් රටවල පොලී අනුපාත 2%ක් තරම් අඩු මට්ටමක පවතින බවත් එම රටවල ඉතිරි කරන්නන් ඔවුන්ගේ දෛනික අවශ්‍යතා පොලී ආදායම මත තීරණය නොකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි. ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලබන විවිධ තීරණ සිංහල සහ දෙමළ භාෂා වලින් පමණක් කතා කරන අයට ප්‍රමාණවත් ලෙස ළඟා නොවන බව…

ගෝඨාගේ වික්‍රමයෙන් 6000ක් ගෙදර.. 2000ක් එතෙර.!

ගෝඨාගේ වික්‍රමයෙන් 6000ක් ගෙදර.. 2000ක් එතෙර.!

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ආරම්භ වූ අරගලයෙන් පසු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 6000කට ආසන්න පිරිසක් විවිධ හේතු මත දේශපාලනයෙන් සමුගෙන ඇති බවයි. ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූවේ අරගලයෙන් පසු බොහෝ දේශපාලඥයන්ට තමන්ගේ ජයග්‍රහණ ගැන අවිශ්වාසයක් මතු වීම හේතුවෙන් දේශපාලනයෙන් මෙසේ සමුගෙන ඇති බවයි….