රනිල් හදන්නේ අනුර ලවා සජිත් පරාජය කරවන්න…! – මරික්කාර්
සජිත් ප්‍රේමදාසගේ නියත ජයග්‍රහණය දැක රනිල් වික්‍රමසිංහ වියරු වැටී සිටින බව සමගි ජනබලවේග පාර්ලමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි. ඔහු අනුර දිසානායකට කඩේ යමින් සජිත් පරාජය කරවීමට උත්සාහ කරන්නේ ඒ නිසා බව ද ඔහු කීය. ජනතා විමුක්ති පෙරමුණ ෆේස්බුක් එකේ හදන බොරු රැලිවලට නොරැවටිය යුතු බව ද මරික්කාර් සඳහන් කළේය.
