මෝල්කාරයින් හාන්සියි.. ආණ්ඩුව සැර රිටන් එකකට සැරසෙයි.!

මෝල්කාරයින් හාන්සියි.. ආණ්ඩුව සැර රිටන් එකකට සැරසෙයි.!

පවතින පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික අධිකාරිය දිවයින පුරා වැටලීම් සිදුකරන බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. වෙළෙඳ පොළේ සහල් හිගයට මුවා වී පාලන මිලට වඩා මිලට සහල් අලෙවි කිරීම නිසා පාරිභෝගිකයන් සූරාකෑමට ලක්වූ බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි. එනිසා ඉදිරියේදී දවසට සහල් කිලෝ ලක්ෂ…

කටුනායකින් බහින සුද්දොන්ට ලොවෙත් නැති අත්දැකීමක්.!

කටුනායකින් බහින සුද්දොන්ට ලොවෙත් නැති අත්දැකීමක්.!

සැමට සමෘද්ධිය සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් ගොඩනැගීම යන තේමාව යටතේ BIMSTEC ඩිජිටල් සමුළුව කොළඹදී පැවැත්විනි. මෙම අවස්ථාව සඳහා ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු විදෙස් නියෝජිතයන් රැසක්ද සහභාගී වී සිටියහ. එහිදී ඩිජිටල් ආර්ථිකය ගොඩනැංවීම සහ ඒ හරහා රාජ්‍ය සංවර්ධනය සිදුකිරීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සිදුකෙරුනි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පැවසූයේ…

සියලු ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක්.!

සියලු ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක්.!

පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ආරම්භ කර ඇති බවට, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනාවරණය වී ඇත. අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අභයරත්නගේ සභාපතිත්වයෙන් කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වු අතර එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

රේන්ජ් රෝවර් චෝදනාවට වසන්ත පිළිතුරු දෙයි.!

රේන්ජ් රෝවර් චෝදනාවට වසන්ත පිළිතුරු දෙයි.!

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් Range Rover වර්ගයේ සුඛෝපභෝගී රථයක් පරිහරණය කරන බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා විසින් ප්‍රකාශ කළේය. චාමර සම්පත් මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය වෙත ප්‍රශ්ණයක් යොමුකරමින් පවසා සිටියේ සිටියේ ඩබල් කැබ් පරිහරනය කරනා බවට ජනතාවට පැවසූ මන්ත්‍රීවරු දැන් රේන්ජ්…

පාස්පෝට් ගැටලුවට විසදුමක්.. පැය 24ට දින 10යි.!

පාස්පෝට් ගැටලුවට විසදුමක්.. පැය 24ට දින 10යි.!

පැනනැගී ඇති අර්බුදයට පිළියමක් ලෙස විද්වත් කමිටු නිර්දේශ පරිදි දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමට අවධානය යොමු වී ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි. ඒ අනුව දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 4000ක් පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් නිකුත් කිරිමේ වැඩපිළිවෙල තවත් දින 10කින් පමණ ආරම්භ කිරීමට…

වැසි රහිත කාලගුණයක්

වැසි රහිත කාලගුණයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි අද දිනයේ කාලගුණය මෙසේය දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. අද දින සිට ඉදිරි දින කිහිපයේ හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌවපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

නීතිපති රැකගන්න පොහොට්ටුව පෙරට එයි.!

නීතිපති රැකගන්න පොහොට්ටුව පෙරට එයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ ආණ්ඩුවට නීතිපතිවරයාගේ කටයුතු කෙරෙහි බලපෑම් කිරීමට ඉඩ නොදෙන බවත්, නීතිපතිවරයාගේ ස්වාධීනවය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙනී සිටිනා බවත් ය. නීතිපතිවරයාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවලට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. නීතිපතිවරයාට…

පසුගිය රජයේ කැබිනට් තීරණය අවලංගුයි.. මින් ඉදිරියට රජයේ රෝහල් නෑ.!

පසුගිය රජයේ කැබිනට් තීරණය අවලංගුයි.. මින් ඉදිරියට රජයේ රෝහල් නෑ.!

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුවට රජයේ රෝහල් කිහිපයක් ලබාදීමට පසුගිය රජය ගත් තීරණය අහෝසි කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව පසුගිය රජය ගත් කැබිනට් තීරණය අවලංගු කළ බවත් මේ අවස්ථාවේ රටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට රජය තීරණයක් ගෙන නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සදහන් කරයි. හලාවත…

රාජ්‍ය හා පෞද්ගලික ආයතනික එකමුතුවෙන් රට ඉදිරියට ගෙන යා හැකියි…- අගමැතිනි

රාජ්‍ය හා පෞද්ගලික ආයතනික එකමුතුවෙන් රට ඉදිරියට ගෙන යා හැකියි…- අගමැතිනි

රාජ්‍ය නිල යාන්ත්‍රණයේ හා පෞද්ගලික අංශයේ ආයතනික සීමාවන්ගෙන් බැහැර වී සාමුහික කණ්ඩායම් හැඟීමෙන් ඒකාබද්ධ ව වැඩ කිරීම මගින් අභියෝග ජය ගෙන රට ඉදිරියට රැගෙන යා හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. මුදල් අමාත්‍යාංශයත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයත් මිලේනියම් අයිට්, ඩයලොග් ආසියාටා යන පෞද්ගලික ආයතන දෙකත් ඒකාබද්ධ ව වෙනත් රාජ්‍ය හා…

වැඩවර්ජන, උද්ඝෝෂණ නැති යුගයක්

වැඩවර්ජන, උද්ඝෝෂණ නැති යුගයක්

මෙරට  ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සාහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බවත්, ඒ පිළිබදව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමා සියලු සේවාවන්හි නිරත කාර්ය මණ්ඩලයන්ට සිය ප්‍රණාමය පිරිනමන  බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. සෞඛ්‍ය හා…