ආචාර්ය බාලසුකුමාර් අතුරුදන් කිරීමේ තොරතුරු හෙළිවෙයි.!

ආචාර්ය බාලසුකුමාර් අතුරුදන් කිරීමේ තොරතුරු හෙළිවෙයි.!

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ අපරාධය පිළිබඳ පවත්වන විමර්ශන වලදී සැඟවී තිබූ තවත් අතුරුදන් කිරීමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. නැගෙනහිර විශ්ව විද්‍යාලයේම ආචාර්යවරයකු ලෙස සේවය කළ බාලසුකුමාර් නමැත්තකුගේ අතුරුදන්වීමක් සම්බන්ධයෙන් මෙසේ තොරතුරු අනාවරණය වී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය මගින් විධිමත් විමර්ශනයක් පවත්වා නැති බවද විමර්ශන අංශ…

හිරියාල සමුපකාරයේ කෙරුවාව හෙළිවෙයි.. කෝටි ගණනක මුදලින් රට සවාරි.!

හිරියාල සමුපකාරයේ කෙරුවාව හෙළිවෙයි.. කෝටි ගණනක මුදලින් රට සවාරි.!

හිරියාල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් රුපියල් එක්කෝටි දහහත් ලක්ෂයක මුදලක් වියදම් කර සතියේ සාමාජිකයන් කණ්ඩායමක් උතුරු ඉන්දියාවේ සංචාරයක් යැමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. ඉබ්බාගමුව සමුපකාර සමිතියේ සාමාජිකයන් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස වයඹ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට…

ජනපතිට එරෙහි යාපනයේ කුමන්ත්‍රණයක්.. කොන්ත්‍රාත්කරු අර්චුනා.!

ජනපතිට එරෙහි යාපනයේ කුමන්ත්‍රණයක්.. කොන්ත්‍රාත්කරු අර්චුනා.!

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු කණ්ඩායමක් විසින් ජනපතිවරයාගේ යාපනය සංචාරයට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් යාපනයේ කිසිම ස්ථානයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරනා වාරණ නියෝගයක් ඉල්ලමින් යාපනය පොලීසිය යාපනය අධිකරණයට 30 පෙත්සමක් ඉදිරිපත් කළේය. අදාළ පෙත්සම මගින් පොලිසිය පෙන්වා දී ඇත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හෙට යාපනයට පැමිණෙන විට යාපනයේ ස්වාධීන මන්ත්‍රී අර්චුනා අතුලු…

මහින්දගේ සැලුන් දොර ලඟ දිගු පෝලිමක්.!

මහින්දගේ සැලුන් දොර ලඟ දිගු පෝලිමක්.!

පොහොට්ටුවෙන් ඉවත්ව ගිය තවත් කණ්ඩායමක් ප්‍රබල දේශපාලන තීන්දුවක් ගැනීමට ලබන සතියේ සඳුදා (පෙබ. 3) පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව වාර්තා වේ. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මෙම විශේෂ හමුවද හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්වෙනු ඇති බවයි. පොහොට්ටුවෙන් ඉවත්ව ගොස් නොයෙකුත් දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කරමින් සිටිනා පිරිස් මෙලෙස…

ඉන්ධන මිල සංශෝධනය කෙරේ.. නව මිල ගණන් මෙන්න

ඉන්ධන මිල සංශෝධනය කෙරේ.. නව මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත. ඒ අනුව සුපිරි ඩීසල් මිල පමණක් රුපියල් 18කින් ඉහල නංවා ඇත. සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 331කි. සෙසු සියළු ඉන්ධන මිල ගණන් සංශෝධනයකට ලක් නොවේ.

වරප්‍රසාද කැපීම හබහ්.? ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලයි.!

වරප්‍රසාද කැපීම හබහ්.? ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලයි.!

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ නිරීක්ෂණයන්ට අනුව ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව හඳුනාගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි. ජනධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රජයේ වියදම් සීමා කිරීම අරමුණු කරගනිමින් සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර ලබාදුන් පොරොන්දුවක් පරිදි හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති…

විමල්ගේ පක්ෂයේ පැටිකිරිය.. රජයේ වාහන අවභාවිත කරලා.!

විමල්ගේ පක්ෂයේ පැටිකිරිය.. රජයේ වාහන අවභාවිත කරලා.!

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබාදුන් වාහන අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සදහා ජුනි (25) වැනිදා යළි කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය නියෝග කළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු…

බදු 4කුත් කරතියන් හම්බන්තොටට ගොඩ බහී බඩි වෑන්.!

බදු 4කුත් කරතියන් හම්බන්තොටට ගොඩ බහී බඩි වෑන්.!

මුදල් අමාත්‍යාංශය විසින් රජයේ මුදල් කාරක සභාවට 28 වනදා දැනුම් දී ඇත්තේ කාර් රථ සහ කුඩා ප්‍රමාණයේ වෑන් රථ (බඩී වෑන්) ආනයනයට අදාළ ගැසට්ටුව පෙබරවාරි මාසය අතුළත නිකුත් කරන බවයි. එලෙස පෙරවාරි මාසයේදී ආනයනය කරන කාර් රථ සහ බඩි වෑන් සඳහා බදු වර්ග හතරක් ඇතුළත් වන බව වාර්තා වේ. 18%ක අගය එකතු කිරීමේ බදු (වැට්)…

මහින්දගේ ආරක්ෂාව කපමින් සුමන්දිරන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාවක්…!

මහින්දගේ ආරක්ෂාව කපමින් සුමන්දිරන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාවක්…!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්ට ප්‍රභූ ආරක්ෂාව ලබා දෙන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් බව මාධ්‍යෙව්දී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩො පවසයි. කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් පරාජය කළ පසු ද සුමන්දිරන්ට කොටි සංවිධානයට සම්බන්ධ පාර්ශ්වවලින් තර්ජන පැවති බව වාර්තා වූයේ යැයි හෙතෙම පෙන්වා දෙයි. කෙසේ වුව ද දැන් තත්ත්වය කුමක් දැයි තමන් නොදන්නා බවත් ඔහුට ලබා දී ඇති විශේෂ ආරක්ෂාව ගැන…

මෙවර පුනරුදයේ නිදහස් සැමරුම සැබෑ අරුතකින්.!

මෙවර පුනරුදයේ නිදහස් සැමරුම සැබෑ අරුතකින්.!

“ජාතික පුනරුදයට පෙළගැසෙමු”යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරම් උත්සවය ⁣පෙබරවාරි 04 වන දින නිදහස් චතුරස්‍රය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබේරත්න මහතා මේ බව සඳහන් කළේය. මෙවර නිදහස් දින සැමරුම්…