දිලිත්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයට මැතිවරණ කොමිසම පනී.. මත්පැන් සියල්ල පොලිස් බාරයට.!

දිලිත්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයට මැතිවරණ කොමිසම පනී.. මත්පැන් සියල්ල පොලිස් බාරයට.!

මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් අත්හිටුවා ඇත. අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලට ලද පැමිණිල්ලක් මත නිලධාරීන් පිරිසක් පොලිසිය සමග පැමිණ හෝටලයේ සංග්‍රහයට සූදානම් කර තිබූ ආහාර සඳහා මුද්‍රා තබා ආරාධිතයන්ට ලබාදීමට තිබූ මත්පැන් බෝතල් පොලීසිය බාරයට ගෙන ඇත. ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ප්‍රසිද්ධ හෝටලයකදී මෙම…

ගැමුණු සංගම් 10ක් සමග රනිල්ට එක්වෙයි.!

ගැමුණු සංගම් 10ක් සමග රනිල්ට එක්වෙයි.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීම සදහා ප්‍රවාහන සංගම් 10ක් එක්ව ඇති බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ කාර්යාලයේදී සභාපති ගැමුණු විජේරත්න ඇතුළු ප්‍රවාහන සංගම් 10 ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම් දී ඇත. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ…

සජිත්ගේ ජාත්‍යන්තර සබඳතා ගැන කිරිඇල්ල හෙළිකරයි.!

සජිත්ගේ ජාත්‍යන්තර සබඳතා ගැන කිරිඇල්ල හෙළිකරයි.!

පොදුජන පෙරමුණ ආණ්ඩුව රට බංකොළොත් කළ බවත් ඔවුන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන කතා කිරීමෙන් වැඩක් නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික දර්ශනය තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් බිහිවු වහාම ජනාධිපති සජිත් ප්‍රේමදාසගේ…

දිගනදී සජිත්ගේ සහන මල්ල ලිහයි.. පියාණන්ගේ නාමයෙන් පොරොන්දු කන්දක්.!

දිගනදී සජිත්ගේ සහන මල්ල ලිහයි.. පියාණන්ගේ නාමයෙන් පොරොන්දු කන්දක්.!

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙනි මාලාවේ තවත් ජනරැළියක් මහනුවර දිගන නගරයේදී ඊයේ (24) සංවිධානය කර තිබුණි. එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා, “රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ජීවන වියදමට සරිලන වැටුපක් ලබාදීම සඳහා පූර්ණ බලතල සහිත කොමිසමක් අපි ආරම්භ කරනවා, රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටපු 24%කින් වැඩි කරනවා, දළ වශයෙන්…

රැස්වීම අතරතුර විජයදාසගේ කට වහයි.!

රැස්වීම අතරතුර විජයදාසගේ කට වහයි.!

ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ අත්තනගල්ල ආසනයේ රැස්වීම ඇමතීමට සූදානම් වෙන මොහොතේදී විදුලි බලය විසන්ධි වී ඇත. රැස්වීමේ නිවේදකයා ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂට කතාව සදහා ආරාධනා කරනවාත් සමගම විදුලිය විසන්ධි ඇති අතර ඒ හේතුවෙන් කතාවට බාධාවක් ඇතිවී තිබේ. කෙසේ වෙතත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අත්තනගල්ල ආසන සංවිධායක විසින් විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවා අපේක්ෂක විජයදාස රාජපක්ෂගේ කතාව…

සමාවෙන්න මහින්ද මැතිතුමණි.. මිනිසුන්ට ඔබව පේන්නේ මයිනා වගේ.!

සමාවෙන්න මහින්ද මැතිතුමණි.. මිනිසුන්ට ඔබව පේන්නේ මයිනා වගේ.!

මේ රට බේරාගත්ත, දකින දුටුගැමුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවත් ඔහු අපට තාත්තා වගේ බවත් සමහර දු දරුවන්ට ඔබ පේන්නේ සීයා වගේ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සදහන් කරයි. දරුවන්ට හිටපු ජනාධිපතිවරයා ⁣සීයා වගේ පෙනුනට ප්‍රතිවිරුද්ධ මිනිස්සුන්ට ඔබ පේන්නේ මයිනා වගේ බවත් අනුර කුමාර ආවොත් කරන්නම් බව සදහන් කරන බවද මන්ත්‍රීවරයා…

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර රනිල් වික්‍රමසිංහ පිලට.?

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර රනිල් වික්‍රමසිංහ පිලට.?

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, මේ වන විට සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 14 දෙනෙක් ඉවත් වී ඇති බවත් ඉන් 11 දෙනෙකු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා එක් වී ඇති බවත්ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තලතා අතුකෝරාල සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍රද නුදුරේම තම කඳවුර සමඟ එක්වීමට…

රනිල්ගේ දඹුලු රැලියේ එක කෙළියක්.. සූර්වූ පාක්ෂිකයන්ට සැණකෙලියක්.!

රනිල්ගේ දඹුලු රැලියේ එක කෙළියක්.. සූර්වූ පාක්ෂිකයන්ට සැණකෙලියක්.!

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ දඹුල්ල ජන රැලියේ ප්‍රධාන මාධ්‍ය හරහා විකාශනය නොවූ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී. එම දර්ශනය වලින් දැක්වෙන්නේ මත්පැන් පානය කර ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හැසිරෙනා පාක්ෂිකයින්ය. ඇතමුන් සූර්වී නර්තනයේ යෙදෙනා අතර තව සමහරෙක් මත්පැන් බෝතල් ඇතැතිව මහපාරේ රැඳී සිටිති. එම වීඩියෝ දර්ශනය පහලින්,

බදු ගැන ජනතාවට විශේෂ නිවේදනයක්.!

බදු ගැන ජනතාවට විශේෂ නිවේදනයක්.!

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට මෙම වකවානුව තුළ හිඟ බදු අය කරගනිමින් කටයුතු කළ බවත් අද (26) දිනයේ බදු පිළිබඳ සියලුම තොරතුරු හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. මේ වනවිට හිඟ බදු අය කරගැනීම සඳහා බැංකු ගිණුම් 900ක් පමණ නවත්වා ඇති අතර එම හිඟ බදු මුදල් අය කරගැනීමට පියවර ගනිමින්…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාට සිදුවු අවාසනාවන්ත ඉරණම.!

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාට සිදුවු අවාසනාවන්ත ඉරණම.!

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු අවිත්තාව ඉහල කන්ද යගිරල ඇතාවැටුණුවල ස්ථානයේ දිය නෑමට ගොස් දියේ ගිලී මියගොස් ඇති බව ඉත්තෑපාන පොලීසිය සදහන් කරයි. මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව ‌සේවය කල එස්. ගෞතම්, එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව ‌සේවය කල එස්. හර්ෂනාත් යන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා එලෙස මියගොස් ඇත. ඩෙංගු මර්ධන සහයකයින් පිරිසක් සහ…